සදකට උපමා කල මුත් අම්මේ
සද හරි දුරයි එනමුත් ඔබ ලඟ අම්මේ
මලකට ඔබ උපමා කල මුත් අම්මේ
මලේ නටුවේ මෙන් ඔබ තුල කටු නැත්තේ
විලකට ඔබ උපමා කල මුත් අම්මේ
විලක් විලස ඔබෙ සෙනෙහස නොසිඳෙන්නේ
පහනට ඔබ උපමා කල මුත් අම්මේ
පහන නිවෙයි ඔබ නොනිවී දැල්වෙන්නේ
දහස් දෙනා මුනිඳු පුදයි බැතිබර සිත පෙන්වාලා
බුදුන්ට සම කිසිවෙකු නැහැ මේ ලොව තව ඉපදීලා
මවකගෙ ඇති වටිනාකම කියන්න බැහැ මිල කරලා
ලොවට උතුම් අම්මා වරු බුදුන්ට ඇත සම කරලා
Advertisement